‘රාජ්‍ය ව්‍යවසාය 130න්, 100කට කෙළිනවා‘ සුරේෂ් ෂා තීන්දුව දෙයි! මිනිස්සුන්ගෙ පොදු දේපළ ගැන තීන්දු ගන්නා ‘ලෝඩ් පකීර්‘ සුරේෂ් ෂා කවුද?

හඳුනාගෙන ඇති රාජ්‍ය ව්‍යවසාය 130ක් අතරින්, 100ක අවසානය උදා කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බලය මත රාජ්‍ය ව්‍යසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයට පත් කළ මත්පැන් සහ සිගරට් ක්ෂේත්‍රවල ව්‍යාපාරික බලවතෙකු වන සුරේෂ් ෂා සිය අත්තනෝමතික තීන්දු ප්‍රසිද්ධ කරමින්, කියා තිබෙනවා.

මේ වන විට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ එකකය විසින් රාජ්‍ය ව්‍යවසාය 130ක් ඇති බව හඳුනාගෙන ඇති අතර, ඉන් ආයතන 15ක් ඈවර කර වසා දැමිය හැකි බවට හඳුනාගෙන ඇතැයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා සිළුමිණට පැවසූ බව එම පුවත්පතේ මාධ්‍යවේදී රසික කොටුදුරගේ වාර්තා කරලා තියෙනවා.

සෙසු ආයතන 115න් 85කට පමණ රාජ්‍ය පාලනයක් අවශ්‍ය නැති බව පෙනී යන නිසා ඒවා ඉදිරියේදී ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිත බවද ඔහු සිළුමිණ සමග අදහස් දක්වමින් කියා තිබෙනවා.

ගිය වසරේ අයවැයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පිහිටුවීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අතර, මිලියන 200ක වියදමින් එය පිහිටුවීමට කටයුතු කළා. එයට සුරේෂ් ෂා පත් කිරීමෙන් පසු, අද දක්වාම එහි තීන්දු තීරණ කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු වෙනවා. හැංගි හැංගී පොදු දේපළ විකුණන හැටි ප්ලෑන් කරන මෙම පෞද්ගලික අංශයේ ව්‍යාපාර බලවතාගේ කමිටුව- හිටිහැටියේ සම්පූර්ණ රාජ්‍ය සේවා පද්ධතියම වනසා දමන හැටි ගැන මාධ්‍ය ඉදිරිපිට කයිවාරු ගසනවා.

සුරේෂ් ෂා ලයන් බෘෘවරි සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරයෙකු වනවා, ඊට අමතරව එහි ප්‍රධාන සමාගම වන කාර්සන් කුම්බර්බැච් සමාගමේද අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු කටයුතු කරනවා. මූලිකව පාම් ඔයිල් මැලේසියානු සම්භවයක් සහිත එම සමාගම විසින් සිදු කරනවා. කාර්සන් කුම්බර්බැච් සමාගමට අනුබද්ධ බුකිට් ඩරාහ් සමාගමේත් ඔහු කටයුතු කළා.

මහා බැඳුම්කර වංචාවෙන් පසු සිදු කළ වෝහාරික විගණනයේදී කොටස් වෙළඳපොළේ මුදල් පෞද්ගලික අංශයේ සමාගම්වල වංචා සහගත විදියට ආයෝජනය කරලා මහා පරිමාණ පාඩු ලැබීම ගැන කරුණු හෙළි වුණා. එහිදී මහා පරිමාණ සමාගම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වී, සාමාන්‍ය වැඩ කරන මිනිස්සු වෙහෙස මහන්සි වෙලා උපයාගත් මුදල් නිර්ලජ්ජිත විදියට සූදු කෙළිමින් කොල්ලකෑව හැටි හෙළි වුණා. පම්ප් ඇන්ඩ් ඩම්ප් ලෙස හඳුන්වන වංචා සහගත ක්‍රියාවලියෙන් එලෙස මුදල් උපයන්නට හැකි වුණා.

සුරේෂ් ෂා අධ්‍යක්ෂවරයෙකු වූ කාර්සන් කුම්බර්බැච් සහ එයට අනුබද්ධ බුකිට් ඩරාහ් සමාගමත් මේ ලැජ්ජා විරහිත වංචාවේ කොටස්කාරයන්. දැන් පොදුජනතාව සතු දේපළ කොල්ලකන්නට පිඹුරුපත් සකසන්නේත් මේ දූෂිත, කැත, නින්දිත මිනිස්සුම තමයි. ඇඟලුම් කලාපයේ තමන්ගේ ලේ, දහදිය දිය කර හරින, වතු ක්ෂේත්‍රයේ අඩු වැටුපට තමන්ගේ ශරීර කූඩු කැප කරන කම්කරුවන් ප්‍රමුඛව මෙරට බොහෝ දෙනෙකු ‘ෆන්ට් එක‘ හෙවත් ඊපීඑෆ් අරමුදල ගැන තබන්නේ ඉහළම බලාපොරොත්තුවක්. එම මුදල් මහ බැංකුව විසින් කාර්යක්ෂමව ආයෝජනය කරන තරමට විශ්‍රාම යන මොහොතේදී කම්කරුවා අතර උපරිම මුදලක් ලබා ගන්න පුළුවන්. එහෙත් මෙරට මහ බැංකුව සහ පෞද්ගලික අංශය පසුගිය දශක ගණනක් තිස්සේ කොටස් වෙළඳපළේදී, බැඳුම්කර ගනුදෙනුවලදී සහ මේ වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අශිෂ්ඨ අයුරින් එම මුදල් කොල්ලකෑවා.

වෝහාරික විගණන වාර්තාවට අනුව 2011 ජනවාරි සිට 2015 මැයි මාසයතේ දක්වා සේවක අර්ථසාධක අරමුදල බුකිට් ඩරාහ් පෞද්ගලික සමාගමේ රුපියල් මිලියන 2293ක් වටිනා කොටස්මිලදී ගත්තා. එම සමාගම 2015 සිට දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. මෙම සමාගමේ ආයෝජනය කරන අවස්ථාවේදීම එක් ගැනුම්කරුවෙකු නිර්දේශ කර තිබුණා, මෙම සමාගමේ ආයෝජනය නුසුදුසු බව.

මේ බුකිට් ඩරාහ් එක්කම අනුබද්ධ අනෙක් සමාගම තමයි කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගම. මේ සමාගමේ රුපියල් මිලියන 2581ක් ආයෝජනය කළා මේ ආයෝජනයේදී තර්ස්ටන් ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නම් ආයතනයක් සතු කොටස් විශාල ප්‍රමාණයක් මිලට ගෙන තිබුණා. එම ආයතනය අර්ජුන් ඇලෝෂියස්ගේ සීයා වන කට්ටාර් ඇලෝෂියස්ගේ බව පිළිගන්නට මාධ්‍ය වාර්තා ඇතුළු සාක්ෂි තියෙනවා.

සුරේෂ් ෂා 2021 වසරේදී සිලෝන් ටොබැකෝ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විදියට පත් කරනු ලැබුවා.

ඉහත කී සමාගම්වලට අමතරව, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන සුරේෂ් ෂා, හාම්පුතුන්ගේ සංගමයේත් හිටපු සභාපතිවරයෙක්. හාම්පුතුන්ගේ සංගමය කාලයක් තිස්සේ වැඩ කරන මිනිස්සුන්ට නිසි වැටුප් ලබා නොදී ඔවුන්ගෙ මහන්සිය කොල්ලකෑමට වගේම, ‘කම්කරු අයිතීන්‘ කියා ප්‍රකට රස්සාවක් කරන මනුස්සයෙක්ට තියෙන මූලිකම අයිතීන් ටික පවා අහිමි කරලා දැමීමට චෝදනා ලබනවා. ඒ අනුව මිනිස්සු ගැන සංවේදී නොවී- ලාභය පස්සේ දුවමින් ප්‍රසාරණය වෙන- ජනතාව බඩගින්නේ, අඳුරේ සිටියදී පිටරට ඕෆ් ෂෝ ගිණුම්වල සල්ලි ගොඩගසමින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීමේ කැත මංකොල්ලකාරී ව්‍යාපාර සංස්කෘතියේ නියෝජිතයෙකු විදියට- ජනතාවට හොරෙන්ම සම්පූර්ණ රාජ්‍ය සේවා පද්ධතිය විනාශ කර දැමීමේ හැකියාව සුරේෂ් ෂාට තිබෙනවා. පොදු දේපළ තමන්ට අයිතියි කියා සිතාගෙන ඉන්නා ලෝඩ් පකීර් භූමිකාවක් රඟපෑමේ හැකියාව සුරේෂ් ෂාට තිබෙනවා.

ලංකාවේ ජනතාවට අසංවේදී මැර කල්ලියක් බඳු පෞද්ගලික අංශයේ ව්‍යාපාරික බලවතුන්ගේ නියෝජිතයෙකු ලෙස, සුරේෂ් ෂා පොදු ජනතාවට අයත් දේපළ ගැන තීන්දු ගනිමින්- ඒවා නිවේදනය කරමින් සිටියදී- එම දේපළවල සැබෑ හිමිකාරීත්වය තිබියදීත්, ඒ දෙස බලාගෙන නිහඬව ඉන්නවාද යන්න වැඩ කරන ජනතාව තීන්දු කළ යුතු දෙයක්.

රාජ්‍ය ආයතන බොහොමයක් නිලධාරීවාදයේ සහ දේශපාලනයේ බලපෑම මත දූෂිත, අකාර්යක්ෂම තැනකට වැටිලා තියෙන බව ඇත්ත. ඒ ආයතනවල පාලනය වඩාත් කාර්යක්ෂම කරන්න, පාඩුව වෙනුවට ඇත්තටම ඒ ඒ ආයතනවලින් ලැබිය යුතු සේවය ලබාදෙන තැනට ඒවා පත් කරන එක ඇත්තටම වෙහෙස වී කරන්න ඕනෑ දෙයක්. ඒක පොදුජන සංවාදයක්. පොදුජන ක්‍රියාවලියක්. හැබැයි, මේ වෙද්දී ව්‍යාපාරික පැළැන්තියේ පරපෝෂිතයන් කරමින් ඉන්නේ, ඒ වෙනුවට මංකොල්ලයක් සැලසුම් කිරීම.

Author

4 Comments

  • Dear Tharindu

    I strongly reject the content of this article. I am not a friend or any connected party to government privatisation or to Mr Sha.

    You may have a strong view against privatisation of state assets. There are many who strongly support the privatisation mainly because privatisation leads to lesser corruption and waste in those entities. Certain state institutions must remain with state and some must be privatised with state retaining regulatory capacity.

    Firstly Mr Sha is a professional whoes conduct has never been doubted for any unethical or illegal or any such matters.

    The pump and dump has nothing to do With Carson’s or Mr Sha though few capital market players dealt with shares of Carson’s subsidiaries. The erratic unethical practices by third party traders by manipulating listed shares has no bearing as action of the company.

    The current privatisation process is following indipendant advise of private sector experts and decisions are made by cabinet appointed expert committee. The selling is managed by private sector professionals selected through competitive bidding process.

    The irrational attack on the good character of the person leading the privatisation process solely due to differences in political concept is highly ethical practice of yours.

    I strongly believe you owe an apology to Mr Sha and must with draw this article.

    In case you want to challenge me or discuss the facts I trust you can find a way to contact me.

    Best regards
    Udul

  • Correction to my comment

    The irrational attack on the good character of the person leading the privatisation process solely due to differences in political concept is highly unethical practice of yours.

    • Dear Desmond, I made a serious comment here. I appreciate your humor😊 but I like to know if you agree with my views.
      Mr Sha after is retirement became the chairman of Ceylon Camber of Commerce and in that capacity or in any other basis he may have given opinion and advise to many. The person who is authorized to make the decision must take the full responsibility of the outcomes of that decision. Can blame the one who give the opinion or advise, but still responsibility lies wit the person carrying authority.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading