Tuesday, June 25

Uncategorized

ඉන්දීය නාවිකයින් අරාබි මුහුදේ සිදුකළ පැය 12ක මෙහෙයුම
Uncategorized

ඉන්දීය නාවිකයින් අරාබි මුහුදේ සිදුකළ පැය 12ක මෙහෙයුම

ඉන්දීය නාවික හමුදාව විසින් අරාබි මුහුදේ දී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සමත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, පැය 12කට අධික කාලයක් පුරා මුහුදු කොල්ලකරුවන් සමඟ පැවති මෙහෙයුමකින් අනතුරුව මෙම මුදා ගැනීම සිදුකර ඇති බවයි. සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා අරාබි මුහුදේ යොදා ඇති ඉන්දීය නාවික නෞකා දෙකක් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා. නෞකාවේ සිටි පාකිස්තාන ජාතිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉන්දියන් සාගරයේ යේමනයේ දූපතක් වන සොකොට්‍රා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 90ක් පමණ දුරින් මෙම මෙහෙයුම් සිදුකර ඇති අතර මුහුදු කොල්ලකරුවන් 35 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට යටත් වී ඇති බව වාර්තා වනවා. ...
ලංකාවට එමින් තිබූ නැවක් ගැටී ඇමරිකාවෙ පාලමක් කඩන් වැටිලා
Uncategorized

ලංකාවට එමින් තිබූ නැවක් ගැටී ඇමරිකාවෙ පාලමක් කඩන් වැටිලා

අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එහි ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංඟාව හරහා තිබූ විශාල පාලමේ ගැටී ඇත්තේ ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක්. Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන වීඩියෝ මඟින් තහවුරු වී තිබෙනවා. පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇති බව මුලදී වාර්තා වී නොතිබුණ ද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ස...
පුද්ගලයෙක් කොවිඩ් එන්නත 217 වරක් අරන්
Uncategorized

පුද්ගලයෙක් කොවිඩ් එන්නත 217 වරක් අරන්

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසනවා. මෙම සිද්ධිය "The Lancet Infectious Diseases" ජර්නලයේ සඳහන්. එම පුද්ගලයා විසින් මාත්‍රා පුද්ගලිකව මිලදී ගෙන මාස 29ක් ඇතුළත එන්නත් කර තිබූ බව එහි සඳහන් වනවා. එම පුද්ගලයාට එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධ ඇතිවී නොමැති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් පැවසුවා. ...