Wednesday, October 4

Tag: ranil

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?
Politics

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත. ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම සාකච්ඡාවේදී මැතිවරණයකට මුල් ලබා දීම පිළිබඳ කතාබහ කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්ය. කෙසේ වෙතත් අප කළ විමසීම්වලදී වාර්තා වුණේ, ජනාධිපතිවරණයක් ලබන වසරේ මුල පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූල පසුබිමක් නොමැති බවයි. ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේයැයි මව්බිම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවද එහි වාර්තා කර ඇත. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරී...
ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!
Top News

ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වු බැවින් එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ පහක රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර ඇත. ...