Wednesday, October 4

Tag: පඬු කරඳ ශාකය

පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර
Opinion

පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ. මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙ...