Saturday, December 2

Top News

එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..
Top News

එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..

බඩේ ඇති වූ අජීරණයක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ 21 හැවිරිදි තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බව අදාල තරුණියගේ මව චෝදනා කර ඇත. අදාල තරුණියව කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර එවා තිබුණු බවත් ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් අදාල තරුණීයගේ මව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් පවසා ඇත. "මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ ව...
රෝහිත රාජපක්ෂ ද්විත්ව ආචාර්ය වෙයි! ආචාර්ය උපාධියකට නාමල්ගෙන් සුභපැතුම්!
Top News

රෝහිත රාජපක්ෂ ද්විත්ව ආචාර්ය වෙයි! ආචාර්ය උපාධියකට නාමල්ගෙන් සුභපැතුම්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සිය දෙවැනි ආචාර්ය උපාධිය ලබා තිබෙන බව රාජපක්ෂ පවුලේ සමාජ මාධ්‍ය පිටුවලින් අනාවරණය වෙනවා. රෝහිත රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ස්ටෝරි එකක් පළ කරමින්, රෝහිත රාජපක්ෂට සුභ පතා තිබෙනවා. තවත් හිතවතෙකුද සුභ පතා ඇති අයුරු රෝහිත රාජපක්ෂ මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් ආචාර්ය උපාධියක් ලබා සිටිනවා. එක්සත් රාජධානියේ නිව් සවුත්හැම්ප්ටන්හි විශ්වවිද්‍යාලයකින්ද ඔහු මීට පෙර එම්බීඒ සහ බීඑස්සී උපාධි ලබා සිටියා. මීට අමතරව රෝහිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ මෙරට ප්‍රධාන ක්‍රීඩා සමාජ නියෝජනය කළ රග්බි ක්‍රීඩකයෙක්ද වනවා. කළුතර නාගරික ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරගවලටත් එකතු වී ඇති නිසා ඔහු වෙනුවෙන් ‘ක්‍රික් ඉන්ෆො‘ වෙබ් අඩවියේ පිටුවක්ද නිර්මාණය කර තිබෙ...
පඩුකරඳ ගස කැපුවේ කැබිනට් අනුමැතිය අරගෙන – බන්දුල කියයි.
Top News

පඩුකරඳ ගස කැපුවේ කැබිනට් අනුමැතිය අරගෙන – බන්දුල කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කපාදැමූ පඩුකරඳ ගස වෙනුවට පඩුකරඳගස් දෙසීයක් සිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුකරන ගම්පහ ප්‍රදේශයේ තිබූ පඩුකරඳ ගස ඉවත් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. "ගස් දෙසීයක් මේ එක ගහ වෙනුවට නැවත වගා කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා.මේ කරුණු ටික මම ගිහින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේක විශාල ජාතික අපරාධයක්. බොරුවක්, මිත්‍ර්‍යාවක් රට පුරා ඇති කරලා කඩා කප්පල් කාරී ක්‍රියාවක් මේක මෙච්චර ගස් ප්‍රමාණයක් දැනට ඒ අවට තියෙනවා. උද්භිත විද්‍යාඥයෝ කියනවා, මේ වගේ ගස් ඕනෑ තරම් ප්‍රමාණයක් හදලා දෙන්න පුලුවන් කියලා. ඒ නිසා මේ ගස කැපීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා දෙන්න කියලා, මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලුවා. කැබිනට් මණ්ඩලය කිව්ව...
මෛත්‍රි වන්දි මුදල් කොටසක් ගෙවයි!  මිලියන 15ක් !
Top News

මෛත්‍රි වන්දි මුදල් කොටසක් ගෙවයි! මිලියන 15ක් !

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයට අනුව ඔහු වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. එසේ වන්දි ගෙවා ඇත්තේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි. මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500 ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසි...
ශානි අබේසේකරගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි
Top News

ශානි අබේසේකරගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි

2023 සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපති චන්‍ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ට සිතාසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ජූලී 10 දින නියෝග කර ඇත. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කරමින් අභියාචනාධිකරණ මෙම නියෝගය නිකුත් කර තිබුණි. එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණි. තමන් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් කොමිෂන් සභාව ලබා ...
බංකොළොත් කාරක සභාව කොට උඩ
Top News

බංකොළොත් කාරක සභාව කොට උඩ

රට බංකොළොත් වීම පිළිබඳ සොයාබැලීමට යැයි පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉවත් වීම නිසා, එම කාරක සභාවේ ඉදිරි පැවැත්ම අභියෝගයට ලක් වී තිබේ. වාර්තා වන ආකාරයට මෙම කාරක සභාව තුළ ආණ්ඩුවේ සාමාජිකයන් පමණක් ඉතිරි වීමට ඉඩ ඇත. එම කාරක සභාව සඳහා සහභාගී වීමෙන් වළකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති, විපක්ෂයේ සමගි ජන බලවේගයට හිතවත් කණ්ඩායමේ විධායක සභාවේ සාකච්ඡාවකදී තීරණය කර තිබේ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද කථානායකවරයා වෙත ලිපියක් යවමින් කාරක සභාවෙන් ඉවත් වී තිබේ. ඉහත සඳහන් කළ සාකච්ඡාව පැවැත්වූ කණ්ඩායමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂවලින් ඉවත් වූ කණ්ඩායම් ඇතුළත් වේ. මෙයට හේතුව ලෙස එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ දේශ...
අස්වැසුම අහිමි වූවන්ගේ අභියාචනා මිලියනයට ආසන්නයි!
Top News

අස්වැසුම අහිමි වූවන්ගේ අභියාචනා මිලියනයට ආසන්නයි!

අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා 957,000ක් සහ විරෝධතා 37,000ක් ලැබී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර තිබේ. ජුනි 20 සිට ජුලි 10 දක්වා කාලසීමාව තුළ මෙම අභියාචනා ප්‍රමාණය ලැබී ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇති අභියාචනා මණ්ඩල වෙච මෙම අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, එම දත්ත දිස්ත්‍රික් ලේකම් අනුමත කිරීමෙන් අනතුරුව පවුල් ඒකක තෝරා ගැනීම සිදුවීමට නියමිතය. ජුනි 20-30 කාලය තුළ අභියාචනා සහ විරෝතා ඉදිරිපත් කිරීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දී ඇති අතර, ඉන්පසු ජනතා ඉල්ලීම් සලකා බලා එම කාලය ජුලි 10 දක්වා දීර්ඝ කිරීමට නියමිතය. සංක්‍රාන්තික- අවදානමට ලක් වූ- දුප්පත් සහ අන්ත දුප්පත් යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමට නියමිතය. ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා සුපුරුදු පරිදි දීමනා දෙන බව කියා තිබේ. ...
අලුත්ම මුලතිව් සමූහ මිනීවළ ගැන පත්තර කිහිපයක එකම බොරුව!
Top News

අලුත්ම මුලතිව් සමූහ මිනීවළ ගැන පත්තර කිහිපයක එකම බොරුව!

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ එල්ටීටීඊ වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට අනාවරණය වී ඇතැයි දිවයින සහ දිනමිණ ඇතුළු පුවත්පත් කිහිපයක් වෙත මාධ්‍යවේදී දිනසේන රතුමගේ ලියා ඇත. එහෙත්, අප කළ සොයාබැලීම් අනුව මෙය එල්ටීටීඊ වධකාගාරයකින් හෝ යුධ හමුදා වධකාගාරයකින් හෝ කිසිදු වධකාගාරයකින් ඇති කරන ලද මිනී වළක් බවට තවම නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත. ජුලි 06 වැනිදා මේ පිළිබඳ කරුණු වාර්තා වූ අතර, ජල සම්පාදන මණ්ඩලයේ ජල කැණීම් සඳහා නළ එළීමේ කටයුත්තකද මෙම මිනීවළ හමු වී තිබුණි. මේ පිළිබඳ අප කළ විමසීමකදී එම ප්‍රදේශයේ තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදියෙකු මෙසේ පැවසීය. ‘කාන්තාවන්ගේ යට ඇඳුම්, සහ නිල ඇඳුම් මෙතැන හඳුනාගත්තා. මේ ඇඳුම් අනුව මේ සිරුරුවල හිමිකරුවන් එල්ටීටීඊ එකේ කාන්තා සොල්දාදුවන් යැයි සැක කරනවා. කොළ පැහැ කැලෑ නිල ඇඳුමක කොටස් හමු වී...
අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීම ජූලි 17 දින
Top News

අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීම ජූලි 17 දින

තමන්ව ස්ථාන මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය ගෙන තිබුණු තීන්දුව බලරහිත කර නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 17 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ. අදාල පෙත්සම සළකා බැලීම ජූලි 10 වන දින ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහතුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන ඇත. ...
නාවලපිටියේ සාමණේර හිමිවරුන්ට අතවර කළ චෝදනාවකට, භික්ෂුවක් රිමාන්ඩ්
Top News

නාවලපිටියේ සාමණේර හිමිවරුන්ට අතවර කළ චෝදනාවකට, භික්ෂුවක් රිමාන්ඩ්

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කළායැයි චෝදනා ලබා එම විහාරස්ථානයේ වැඩසිටි භික්ෂුවක් ජුලි 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. එම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජුලි 08 වැනිදා වන අතර, නාවලපිටිය මහේස්ත්‍රාත් හර්ෂණී රාජකරුණා මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ සාමනේර හිමිවරුන් තිදෙනා සහ සෙසු සාමණේර හිමිවරුන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලීසියට නියෝග කර තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මතය. ...