Saturday, December 2

Blog

දේශබන්දු ආ ගමන්, බිංගිරිය පොලීසිය මාධ්‍යවේදියෙක් කුදලගෙන ගිහින් හොඳටම ගහලා! එයට එරෙහිව FMETU නිවේදනය මෙන්න!
Top News

දේශබන්දු ආ ගමන්, බිංගිරිය පොලීසිය මාධ්‍යවේදියෙක් කුදලගෙන ගිහින් හොඳටම ගහලා! එයට එරෙහිව FMETU නිවේදනය මෙන්න!

ජාතික රූපවාහිනී සංස්ථාවේ කුලියාපිටිය ප්‍රාදේශීය වාර්තාකරු දිනෙත් කුමාර බිංගිරිය පොලීසියට අදාල පුවතක් වාර්තා කරමින් සිටියදී, ඔහුට පහර දී කැමරා සහ උපකරණවලට හානි වන ආකාරයෙන් කටයුතු කොට, බන්ධනාගාරගත කිරීමේ සිදුවීම හෙළා දකිමින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කර ඇත. මේ පිළිබඳ නව වැඩබලන පොලිස්පතිවරයා වහා සොයාබැලිය යුතු බව එම නිවේදනයේ සඳහන්ය. නිවේදනය වැඩිදුරටත් මෙසේය. 2023 දෙසැම්බර් 01 මාධ්‍ය නිවේදනය. මාධ්‍යවේදී දිනෙත් කුමාරට පහරදී අත්අඩංගුවට ගැනීම හෙළා දකිමු! ජාතික රූපවාහිනී සංස්ථාවේ, කුලියාපිටිය ප්‍රාදේශීය වාර්‍තාකරු දිනෙත් කුමාර බිංගිරිය පොලීසියට අදාල පුවතක් වාර්‍තා කරමින් සිටියදී, ඔහුට පහර දී කැමරා සහ උපකරණවලට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම හා අනතුරුව මාධ්‍යවේදියා බන්ධනාගාරගත කිරීම මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැඩි ලෙස හෙළා දකී. නොවැම්බර් 30 වැනිදා ...
අහ්නෆ් ජසීම්ට එරෙහිව ආ අන්තවාදී චෝදනා ඉදිරියට ගෙනියනවාද? තීන්දුව 12 වැනිදා
Top News

අහ්නෆ් ජසීම්ට එරෙහිව ආ අන්තවාදී චෝදනා ඉදිරියට ගෙනියනවාද? තීන්දුව 12 වැනිදා

මුස්ලිම් අන්තවාදය ඉගැන්වූ බව කියමින්, නවසරම් නම් වූ කාව්‍ය කෘතියකට අදාලව චෝදනා එල්ල වී ත්‍රස්ත චෝදනා යටතේ සිරගත කොට තැබූ අහ්නෆ් ජසීම්ට එරෙහි චෝදනා, එනම් ඔහු මුස්ලිම් අන්තවාදය ඉගැන්වුවාය යන චෝදනාව ඉදිරියටත් පවත්වාගෙන යනවාද, නැද්ද යන කාරණය පිළිබඳ තීන්දුව දෙසැම්බර් 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පුත්තලම මහාධිකරණය දැනුම් දී තිබේ. කෙසේ වෙතත් එම පුවත වාර්තා කිරීමේදී දිනමිණ පුවත්පත වාර්තා කර ඇත්තේ අහ්නාෆ් ජසීම් ‘මුස්ලිම් අන්තවාදය ඉගැන්වූ‘ කෙනෙකු කෙනෙකු ලෙස හුවා දක්වමිනි. දිනමිණ එසේ හුවා දැක්වුවත්, නොවැම්බර් 27 වැනිදා අහ්නාෆ් ජසීම් පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය කියා තිබුණේ, පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි අගතිදායක බැවින් අනෙකුත් සාක්ෂි නොකැඳවා නඩුව අවසන් කරන බවය.  ඒ අනුව රජය පාර්ශ්වයෙන් නඩුව ඉදිරියට ගෙනයෑමේ සූදානමක් නොමැත. මෙය මූලික මහේස්ත්‍ර...
‘මනල්’ සහ චන්ද්‍රසේකරම්වාදී සිනමාව
Culture

‘මනල්’ සහ චන්ද්‍රසේකරම්වාදී සිනමාව

විසාකේස චන්ද්‍රෙස්කරම් විසින් අධ්‍යක්ෂණය කල ‘මනල්’ දමිල චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. මනල් යනු වැලි යන්නට දෙමල පදයයි. ඔහුගේ පූර්ව චිත්‍රපටය වූ ‘පාංශු’ සඳහා විෂය වූයේ 1988-89 මෙරට දකුණු ලංකාවේ වූ සන්නද්ධ නැගිටීම හා ඒ ආශ්‍රිත හිංසනීය සිදුවීම් පෙලය. මනල් සඳහා විෂය වී තිබෙන්නේ උතුරේ යුද්ධය හා සබැඳි සංසිද්ධීන් සමුදායකි. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව සිට, කාලයක් රැඳවුම්භාරයේ සිට, යලි ගමට පැමිණෙන තරුණයෙක්, එම තරුණයාගේ පේන කියන මව හා ඔහුගේ යෞවන කාලයේ පෙම්වතිය වටා මනල් හි ආඛ්‍යානය නිර්මාණය වී තිබේ. පීඩක-පීඩිත ද්වෛතය කථාව සරලව මෙබඳුය ; රුද්‍රන් යනු හිටපු එල්ටීටීඊ සටන්කරුවෙකි. යුද්ධය අවසාන කාලයේ සිදු වූ තුවාල හා රැඳවුම්භාරයේ සිටිය දී ලද වධ හිංසාවල ප්‍රතිඵල ලෙස තරුණයාගේ එක් පාදයක් ආබාධිතය. මෙම ආබාධය නිසා, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව රඳවන ලෙසට කල ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වී, ඔහුට ඇප ල...
උතුරු මුසල්මානුවන්ගේ නැවත පදිංචිවීම් අයිතිය- කාගේ වගකීමක්ද?
Opinion

උතුරු මුසල්මානුවන්ගේ නැවත පදිංචිවීම් අයිතිය- කාගේ වගකීමක්ද?

ක්‍රියාකාරිනී ශ්‍රීන් සරූර් ලියූ ලිපියක පරිවර්තනයකි උතුරේ මුස්ලිම් ජාතිකයන් නෙරපා හැර වසර 33ක් ගත වී හමාරය. 1990 ඔක්තෝබර් මාසයේදී 75,000 සිට 100,000 අතර උතුරේ මුස්ලිම් ජාතිකයන් ප්‍රමාණයක් (එකල පළාතේ සමස්ත ජනගහනයෙන් සීයට 5ක් පමණ) තමන්ගේ නිජබිම්වලින් (සාම්ප්‍රදායික වාසස්ථානවලින්) බලහත්කාරයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) විසින් නෙරපන ලදී. ඇතැම් ස්ථානවල, මුස්ලිම් ජාතිකයන්ට පළාත අත්හැර යන්නට කැරලිකරුවන් ලබා දුන්නේ පැය 12ක කාලයක් පමණි. ඔක්තෝබර් 15 චාවාකච්චේරි සිට ආරම්භ කර, ඔක්තෝබර් 30 දක්වා මන්නාර්, මුල්ලයිදීවු, කිලිනොච්චි, යාපනය සහ වවුනියාවේ ඇතැම් කොටස්වල මහා පරිමාණයෙන් මුස්ලිම්වරුන් නෙරපා ඉවත් කරන ලදී. පවුල්වලට රැගෙන යෑමට හැකි වුණේ රුපියල් 500ක් සහ ඇතැම් ඇඳුම් ප්‍රමාණයකි; ඇතැම් පවුල්වලට තමන්ගේ කිසිදෙයක් රැගෙන යෑමට ඉඩ දුන්නේ නැත. වඩාත් දකුණට වෙන්නට පිහිටි නගරවලට පිවිසෙනතුරු ප්...
මාර්ගගත පනතේ වගන්ති 30කට වඩා සම්මත කරන්න තුනෙන් දෙක ඕනෑ! – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
Top News

මාර්ගගත පනතේ වගන්ති 30කට වඩා සම්මත කරන්න තුනෙන් දෙක ඕනෑ! – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. තීන්දුව කියවන්නDownload එම තීන්දුවේ ඇති මූලික කරුණු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබීය. ව්‍යවස්ථාවට ප්‍රකාරව ශ්‍රේස්ඨාධිකරණය හමුවේ එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50ක් ඉදිරිපත් වූ අතර, එය වැඩිම විරෝධයක් එල්ල වූ පනත් කෙටුම්පතක් විය. පනත් කෙටුම්පෙත් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53, 56 යන වගන්ති ව්‍යවස්ථාවේ මූලධර්මවලට බලපා...
උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක් බව ගාල්ල මහේස්ත්‍රාත් පොලීසියට තදින් කියයි! – පොලීසිය අපව කුල්මත් කළා කියා නීතිඥවරියක් ලියයි!
Top News

උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක් බව ගාල්ල මහේස්ත්‍රාත් පොලීසියට තදින් කියයි! – පොලීසිය අපව කුල්මත් කළා කියා නීතිඥවරියක් ලියයි!

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පෙරේදා (23) උද්ඝෝෂණයේ යෙදෙමින් අපරාධමය වරදක් කර ඇතැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ඒ උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත්, පොලිසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් පවසමින් පොලිස් නිලධාරීන්ට අවවාද කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය ලබා දී තිබෙනවා. මෙලෙස මුදාහරින ලද්දේ ජන අරගල වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනකු වන ධම්මික නයන කුමාර (28) සහ මේනක වික්‍රමානයක (33) යන දෙදෙනෙක්. මේ පිළිබඳ ගාල්ල උසාවියේ නීතිඥවරියක වන ගෝපිකා ලොකුගේ ලියා තිබූ සටහනක් මෙසේයි. ‘2023.10.24ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුමා විසින් පලාත් පාලන සේවකයන්ගේ උද්ඝෝෂණයකදී පහර දී , අත් අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රභාත් නය...
මගේ ජීවිතේ ලොකුම බොරු ප්‍රවෘත්තියට අවුරුදු 5යි! -තරිඳු උඩුවරගෙදර
Politics

මගේ ජීවිතේ ලොකුම බොරු ප්‍රවෘත්තියට අවුරුදු 5යි! -තරිඳු උඩුවරගෙදර

මේක බොරු ප්‍රවෘත්තියක්. ඒත්, මගේ මාධ්‍ය ජීවිතේ ලියපු වැදගත්ම ප්‍රවෘත්තියක්. හරියටම අවුරුදු පහකට කලින් මේක පළ වුණේ ඔක්තෝබර් 26 සිකුරාදා වෙළඳපොළට ආ අනිද්දා පුවත්පතේයි. ‘ආණ්ඩුව පෙරළීම මහින්ද අත්හරී‘. එදා හවස මහින්ද රාජපක්ෂ නීතිවිරෝධී අගමැති විදියට දිවුරුම් දුන්නා. ඒ සිදුවීම් පෙළ මගේ මාධ්‍ය ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ වගේම රටක් විදියටත් මේ කුමන්ත්‍රණය විශාල බලපෑමක් ඇති කළා. මේක මගේ නමින් පත්තරේක ලියැවුණු දැවැන්තම ‘අසත්‍ය ප්‍රකාශය‘. මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධී ලෙසත්, කුමන්ත්‍රණකාරී ලෙසත් අගමැතිකමේ දිවුරුම් දෙමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බලය අල්ලාගැනීමක් කරද්දී මගේ ප්‍රවෘත්තිය බොරු බවට පත් කරමින්. දැන් කතාබහට ලක්වෙන ඔන්ලයින් පනත ගැන සංවාදයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මතු වූ ඉතාම වැදගත් අදහසක් තමයි ‘බොරුවක්‘ වුව සමාජයක සංවාදයක් ඇති කිරීම සඳහා වැදගත් බව. ඒ කියන්නේ බොරු...
ඇමෙරිකාව සටන් විරාමය තිරිසන් ලෙස මඟහරී, උණුසුම් වූ එ.ජා. ආරක්ෂක කවුන්සිලය නැවතත් ලත් තැන ලොප්!
Top News

ඇමෙරිකාව සටන් විරාමය තිරිසන් ලෙස මඟහරී, උණුසුම් වූ එ.ජා. ආරක්ෂක කවුන්සිලය නැවතත් ලත් තැන ලොප්!

දැනට ක්‍රියාත්මක ගැටුම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පළමු විවෘත විවාදයේදී ගාසාහි මානුෂීය අර්බුදය මැද සටන් විරාමයක් පිළිබඳ හඩ මතු වෙද්දී, බලවතුන් එරෙහි වේ! තත්වයේ බරපතලකම හරිහැටි ආවරණය නොවෙන නමුත්, පලස්තීනයේ ජාත්‍යන්තර නීතිය කඩ වී ඇති බව සඳහන් ඇල්මැරුණු ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් සිදු කරයි! ඒ ටික කීවාටත් කේන්ති ගිය ඊශ්‍රායලය මහලේකම්ට ඉල්ලා අස්විය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට වීසා නොදෙන බවත් කියයි ලෝක නීතිය සහ පිළිගත් ආයතනවල අසමත්කම මැද හමාස්- හිස්බුල්ලා ඒකාබද්ධ සටනක් ගැන සාකච්ඡා පවත්වයි! ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින්, ඔක්තෝබර් 07 වැනිදා සිට සිදු කරගෙන යන නවතම ගැටුම්කාරී තත්වය ගැන පළමු විවෘත විවාදය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය කටයුතු කළා. එය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් විවාදයක් වී තිබුණා. ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකය...
ඉතිහාසයේ වැඩිම නඩු වැටුණු, ජංජාලයක් වූ ඔන්ලයින් පනත අකුළාගෙන අලුත් කෙටුම්පතක් ගේන බව ටිරාන් කියලා!
Top News

ඉතිහාසයේ වැඩිම නඩු වැටුණු, ජංජාලයක් වූ ඔන්ලයින් පනත අකුළාගෙන අලුත් කෙටුම්පතක් ගේන බව ටිරාන් කියලා!

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත වී තිබෙන, ලංකා ඉතිහාසයේ වැඩිම විරෝධතා පෙත්සම් ගණනාවකට මුහුණදුන් පනත් කෙටුම්පත වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ඉවත් කරගෙන, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලය වෙත කියා තිබේ. මේ බව ටිරාන් අලස්ට අයත් පුවත්පතක් වන සිලෝන් ටුඩේ පුවත්පතේ මුල් පිටුවේ පුවතක් ලෙස වාර්තා කර ඇති අතර, අප කළ විමසීම්වලදී කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු තහවුරු කළේ ඔක්තෝබර් 23 වැනි සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලූ බවයි. කෙසේ වෙතත්, කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ කවදදාද, එසේ කළ යුතුද ආදිය පිළිබඳ නිශ්චිත එකඟතාවක් ඇති වුණේ නැති නමුත්, පනත අලුතින් ගෙන එන බව පමණක් ටිරාන් අලස් අමාත්‍යවරයා කී&...
මේ පනත් සම්මත වුණොත්, ලංකාව ඉවරයි! ක්‍රියාකාරිනියන් පිරිසක්, සිවිල් සංවිධාන එකතු කරගෙන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!
Top News

මේ පනත් සම්මත වුණොත්, ලංකාව ඉවරයි! ක්‍රියාකාරිනියන් පිරිසක්, සිවිල් සංවිධාන එකතු කරගෙන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත, ත්‍රස්ත විරෝධී පනත සහ කම්කරු නීති සංශෝධන වැනි ආණ්ඩුව හිතුමතේට ගෙන ආ පනත් කෙටුම්පත් සම්පත වුණොත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්තවාදය අවසන් වනු ඇති බවත්, දූෂිත ඒකාධිපති රාජ්‍යයක් සදාකාලිකව ස්ථාපිත වනු ඇති බවත් කාන්තා සංවිධාන සහ අනෙකුත් සිවිල් සංවිධාන ගණනාවක් ඒකාබද්ධව නිකුත් කරන ලද විශේෂ නිවේදනයකින් පෙන්වා දී තිබුණි. මෙම නිවේදනය සකස් කිරීම සඳහා මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ක්‍රියාකාරීනි ශ්‍රීන් ෂරූර්, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් ඇතුළු ක්‍රියාකාරීනියන් පිරිසක් මූලිකත්වය ගෙන තිබීම විශේෂත්වයකි. පුද්ගලයන් 125ක් සහ සංවිධාන 37ක් මෙම නිවේදනයට අත්සන් තබා තිබුණි. එම නිවේදනයේ දළ සිංහල පරිවර්තනයක් මෙසේය. මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත සහ ත්‍රස්ත විරෝධී පනත - ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික අයිතීන් අවසන් කරන නීති සම්පාදනයන් රජය විසින් ‘මා...