මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියට පනත එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය අවලංගු කිරීම සඳහා වන “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත” රජය විසින් නිල වශයෙන් ගැසට් කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමයට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙම නව පනත මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබනවා.

මෙම නව පනත බලාත්මක වන දිනට පෙර, 1977 අංක 1 දරන පනත හෝ 1982 අංක 1 සහ 1990 අංක 47 දරන පනත්වල සංශෝධිත වගන්ති ප්‍රකාරව විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබා සිටින හෝ දැනටමත් විශ්‍රාම වැටුප් ලබමින් සිටින සියලුම තැනැත්තන්ගේ එම ගෙවීම් මෙතැන් සිට අහෝසි වනු ඇති.

පනත ක්‍රියාත්මක වන දින සිට කිසිදු හිටපු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් ලැබීමට නීතිමය හිමිකමක් නොමැති බව මෙහි විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading