වෙනිසියුලාවේ කරකස් අගනුවර ඇතුළු ප්‍රධාන යුධ මර්මස්ථාන වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු අණ දීම මත සිදු කරන ලද්දක් බව ඇමරිකානු ‘ෆොක්ස් නිවුස්’ (Fox News) මාධ්‍ය ජාලය විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.
මේ අතර මෙම ප්‍රහාරයෙන් වෙනිසුවේලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගැනීමට ඇමෙරිකාව කටයුතු කර ඇතැයි වාර්තා වී තිබේ. ඒ පිළිබද වාර්තාව මෙතැනින් බලන්න.
https://whatnews.lk/2026/01/03/usvenuzuela/
මෙය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික පීඩනයකින් ඔබ්බට ගිය, ස්වෛරී රාජ්‍යයකට එරෙහිව දියත් කළ සෘජු යුධ ප්‍රකාශ කිරීමක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙතිෙ
සෙනසුරාදා අලුයම වෙනිසියුලාවේ කරකස් (Caracas), මිරැන්ඩා (Miranda), ලා ගුවෙයිරා (La Guaira) සහ අරගුවා (Aragua) යන ප්‍රාන්තවලට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල විය. ෆොක්ස් නිවුස් වාර්තා කරන ආකාරයට මෙම ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ වෙනිසියුලාවේ ප්‍රධාන හමුදා පහසුකම් සහ ගුවන් කඳවුරුය.
විශේෂයෙන්ම කරකස් නුවර මධ්‍යයේ පිහිටි ‘ලා කාර්ලොටා’ (La Carlota) ගුවන් හමුදා කඳවුර සහ ජනාධිපති නිකොලස් මදුරෝ රැඳී සිටින බව කියන ‘ෆුවෙර්ටේ ටියුනා’ (Fuerte Tiuna) හමුදා මූලස්ථානය වෙත දරුණු ප්‍රහාර එල්ල වී ඇත.
පසුගිය මාස පහක කාලය පුරා ක්‍රියාත්මක වූ ඇමරිකානු පීඩනය සහ වෙරළට ඔබ්බෙන් සිදු කළ හමුදා රැස් කිරීම්වල අවසන් ප්‍රතිඵලය මෙය බව එම වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරය එල්ල වීමත් සමඟම ජාතිය අමතමින් නිවේදනයක් නිකුත් කළ වෙනිසියුලානු රජය, මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදු කළ “අධිරාජ්‍යවාදී ආක්‍රමණයක්” (Imperial Aggression) ලෙස හඳුන්වා දී තිබේ.
තෙල් සම්පත ඉලක්ක කිරීම: රජය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරයේ එකම අරමුණ වෙනිසියුලාව සතු ලොව විශාලතම ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත්වල පාලනය අත්පත් කර ගැනීම බවයි.
ජනතා බලමුළුව: “ජනතාවනි වීදි බසින්න!” (People to the streets!) යනුවෙන් පවසමින් ජනාධිපති මදුරෝ ජාතික ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමට අණ දී ඇති අතර, ‘බාහිර කැළඹීම් සහිත හදිසි තත්වයක්’ (State of external disturbance) ප්‍රකාශයට පත් කර ඇත.
ඇමරිකානු මාධ්‍ය විසින්ම මෙම ප්‍රහාරයේ වගකීම තහවුරු කිරීමත් සමඟ දකුණු ඇමරිකානු කලාපය දැඩි කැළඹිලි සහගත තත්වයකට පත්ව ඇත.
වෙනිසියුලාවේ අසල්වැසියා වන කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය. “ඔවුන් මේ මොහොතේ කරකස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා,” යැයි ඔහු සිය X ගිණුමේ සටහන් කළේය.
ෆොක්ස් නිවුස් තහවුරු කිරීම හරහා පැහැදිලි වන කරුණ නම්, වොෂින්ටනය තවදුරටත් “ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ” මුවාවෙන් සැඟවී නොසිට, විවෘත මිලිටරි මැදිහත්වීමකට (Open Military Intervention) එළඹ ඇති බවයි.
සම්බාධක මගින් මදුරෝ පාලනය පෙරළා දැමීමට නොහැකි වූ තැන, සෘජු බලය යෙදවීම ට්‍රම්ප් පරිපාලනයේ උපාය මාර්ගය වී ඇත. මෙය හුදෙක් දේශපාලන ගැටුමක් නොව, බලශක්ති ආධිපත්‍යය සඳහා වන නව-විජිතවාදී යුද්ධයකි.
දැන් ලෝකය බලා සිටින්නේ රුසියාව සහ චීනය වැනි වෙනිසියුලාවේ ප්‍රබල මිතුරන් මෙම ඇමරිකානු ආක්‍රමණයට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න දෙසයි.
