අර්ච්චුනාගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් කැපිටල් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ කුමාර් මහතා ඉලක්ක කර ගනිමින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කර තිබෙනවා.

මෙහිදී මන්ත්‍රීවරයා විසින් අදාළ මාධ්‍යවේදියාගේ ඇඳුම් පැලඳුම් සහ පෞද්ගලිකත්වය දැඩි ලෙස හාස්‍යයට ලක් කරමින් පහත් මට්ටමේ ප්‍රකාශ රැසක් සිදු කර තිබීම එම සටහන මගින් දක්නට ලැබුණා.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් සටහන මගින් පවසා ඇත්තේ,  අදාළ මාධ්‍යවේදියා තමාගේ වීඩියෝ දර්ශන ප්‍රචාරය කර මුදල් උපයා ගන්නා හිඟන්නෙකු බවයි.

“මූ ඇඳන් ඉන්න ෂර්ට්, කලිසම් ඔක්කොම මගේ වීඩියෝ දාලා හම්බකරපු ඒවා” යනුවෙන් සඳහන් කර ඇති රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා, ඔහු ඇඳ සිටින යට ඇඳුම පවා තමා නිසා ලැබුණු දෙයක් බවට අතිශය පෞද්ගලික මට්ටමේ අපහාසයක් සිදු කර තිබෙනවා.

“ඔයාලගේ ගෙවල් වල ඉඳුල් හරි පරණ බඩු හරි ඉතුරු වෙලා තියෙනවා නම් මූට දීලා දාන්න” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.  

මාධ්‍යවේදියාගේ පෙනුම සහ සපත්තු දෙකෙහි වර්ණය පවා මෙහිදී මන්ත්‍රීවරයා විසින් විවේචනය කර තිබෙනවා.  

මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයෙකු මාධ්‍යවේදියෙකුට මෙලෙස ප්‍රසිද්ධියේ බැන වැදීම සහ නින්දා සහගත ලෙස සැලකීම දෝෂදර්ශනයට ලක්වන කරුණක් වනවා.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විවිධ අවස්ථාවලදී කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ඉතා අප්‍රසන්න අදහස් පළ කරන බවටත්, ඔවුන් සමඟ ගැටුම් ඇති කර ගන්නා බවටත් මීට පෙර චෝදනා එල්ල වුණා.  

මහජන නියෝජිතයෙකු ලෙස කාන්තා අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කරනවා වෙනුවට ඔහු විසින් සිදු කරන ප්‍රකාශ සමාජ විනයට පටහැනි බව බොහෝ පිරිස් චෝදනා කරනු ලබනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading