මාධ්‍යවේදී තරිඳු බොරු ලීවායැයි ගම්පොළ පොලීසියෙන් කැඳවලා!

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුවන බව කියන වංචා දූෂණ සහ පාරිසරික අවදානම් තත්ත්වයන් හෙළිදරව් කිරීම හේතුවෙන් ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දීමක් ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසනවා.

අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල නම් රාජ්‍ය ආයතනයේ කළමනාකරුවෙකු යැයි හඳුන්වා ගත් පුද්ගලයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

කැඳවීමේ ලිපියේ අසත්‍ය තොරතුරු පළ කිරීමක් ගැන සඳහන්ව තිබුණද, පැමිණිලිකරු කවුරුන්ද යන්න හෝ අදාළ අසත්‍ය තොරතුර කුමක්ද යන්න මුලින් සඳහන් කර නොතිබුණු බව මාධ්‍යවේදී  තරිඳු ජයවර්ධන පවසනවා. 

මේ සම්බන්ධයෙන් ඔහු ගම්පොල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසීමේදී, පැමිණිල්ල කුමක්දැයි දැන ගැනීමට නම් පොලිසියට පැමිණිය යුතු බව ඔහුට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, පුද්ගලයින් පොලිසියට කැඳවීමේදී අනුගමනය කළ යුතු පොලිස්පති චක්‍රලේඛය පිළිබඳව මාධ්‍යවේදියා විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, මෙය “අපහාස කිරීම” මුල් කරගෙන සිදුකළ පැමිණිල්ලක් බව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අනාවරණය කර ඇත.

අපහාසය අපරාධ වරදක් නොවන නමුත් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බව පොලිසිය දැනුම් දී තිබෙනවා.

තමන් විසින් සිදුකළ විමර්ශනාත්මක වාර්තාකරණය හරහා අම්බුළුවාව ආශ්‍රිත අම්බුළුවාව කන්දේ ඇතිවී තිබෙන ඉරිතැලීම් සහ නායයාමේ අවදානම,  හෝටල් සංකීර්ණයේ පිහිනුම් තටාකය යටින් සිදුවී ඇති නායයාම් තත්ත්වය, සංචාරකයන්ගෙන් අය කරන මුදල් සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා සහ  සංචාරකයන්ට ඇති ජීවිත අවදානම වසන් කිරීම යනාදී බරපතල කරුණු අනාවරණය කර ඇති බව තරිඳු ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

මෙම හෙළිදරව් කිරීම් නතර කිරීම සඳහා තමන්ව පොලිසියට කැඳවා බිය ගැන්වීමට උත්සාහ කරන බවත්, මුදල් ගෙවා සිදුකරන සමාජ මාධ්‍ය ප්‍රචාර හෝ මැර තර්ජන හමුවේ තම මාධ්‍ය කාර්යභාරය අත් නොහරින බවත් ඔහු අවධාරණය කළා.

අදාළ කරුණු සහ සාක්ෂි ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝවක් මේ වන විට ‘MediaLK’ යූටියුබ් නාලිකාව හරහා මුදාහැර තිබෙනවා.

Author

1 Comment

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading