නිව්යෝර්ක් නගරයේ නූතන කලා කෞතුකාගාරය (Museum of Modern Arts – MoMA) ගෝලීය නූතනවාදී දෘශ්‍ය කලාවේ පදනම දරා සිටින ආයතනයක් ලෙස ලොව පුරා පිළිගැනේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති මෙම කලාගාරය විශ්වීය කලා කෘති නිධානයකි. මෙම කලාගාරය තුළ වසර ගණනාවක් ආශ්වාදයේ කිසිදු අඩුවක් නොමැතිව විශ්මිත කලා නිර්මාණ සමග ජීවත් වීමේ ආශාව ලියුම්කරුට ඇති වීම පුදුමයක් නොවේ. විටක එය අපව ඓතිහාසික විසල් ප්‍රතිමා නිර්මාණ යට කුහුඹුවන් වන අතර තවත් විටෙක උපස්ථිතිවාදීන්ගේ සිතුවමක බර හෙවණැල්ල ජීවිතය මතම වැටී ඇතැයි හැඟේ.

1929 දී ප්‍රගතිශීලී සහ මූල්‍ය අනුග්‍රාහකයින් තිදෙනෙකු වන ඇබී ඕල්ඩ්රිච් රොක්ෆෙලර්, ලිලී පී. බ්ලිස් සහ මේරි ක්වින් සුලිවන් විසින් ආරම්භ කරන ලද මෙම අසීමාන්තික ජීවයක් පිරි සහ ලොව කිසිදු ආකාරයකින් කිසිවෙකුට මිල කිරීම නමැති නරුමත්වයට නතු කළ නොහැකි මේ දරාගැනීම හුදු ගොඩනැගිල්ලක් නොවේ. ස්ථාපිත කෞතුකාගාරවල ගතානුගතික සම්ප්‍රදායන්ට අභියෝග කිරීම සහ පශ්චාත්-හැඟීම්වාදී සහ ඇවන්ගාඩ් කලාව සඳහා මහජන පෙළඹවීම වර්ධනය කිරීම මෙහි තිබෙන අනුත්සාහික ගුණයකි.
එහි ආරම්භක අධ්‍යක්ෂ ඇල්ෆ්‍රඩ් එච්. බාර්, ජූනියර්ගේ මඟ පෙන්වීම යටතේ, MoMA සංකල්පනය කරන ලද්දේ සිතුවම් සඳහා ගබඩාවක් ලෙස පමණක් නොව, ගෘහ නිර්මාණ ශිල්පය, නිර්මාණකරණය, චිත්‍රපට සහ ඡායාරූපකරණය ඇතුළු සියලු ආකාරයේ දෘශ්‍ය ප්‍රකාශන ගවේෂණය කිරීමට කැප වූ විවිධ කලා ආකෘති, ශානර සහ විලාශයන්ගේ රසායනාගාරයක් ලෙස ය. මෙම පුරෝගාමී සහ පුළුල් ප්‍රවේශය විසින් MoMA විසිවන සියවසේ කලාත්මක නිෂ්පාදනයේ ප්‍රමුඛතම වංශකථාකරු ලෙස ස්ථාපිත කළ අතර, කලා ලෝකයේ වර්ධනය වන සමකාලීන මධ්‍යස්ථානයක් ලෙස දෘෂ්‍ය කලාවේ අමරණීයත්වය තහවුරු කරයි.
MoMA හි ප්‍රධාන මහල් හයක් දෘශ්‍ය කලා අවකාශ ලෙස ඇති අතර ඒවා තුළ විශ්වයේ අසීමාන්තික ප්‍රකාශනයන් අපට අභිමුඛ කර අපව උරා ගැනීමට සලස්වයි. MOMA ගොඩනැගිල්ලේ විශේෂ ප්‍රදර්ශන, රංග කලාව සහ චිත්‍රපට සහ අනෙකුත් බහු මාධ්‍ය එකතුවක් සඳහා අමතර මහල් ද වෙන් කර ඇත. Galary මහල් වල දෘෂ්‍ය කලා එකතුවට අප අහිමුඛ නොවීම හෝ නොවිය හැකි බව අපගේ ජීවිතවල තිබෙන දුප්පත්කමට කදිම නිදසුනකි. මෙම galary ලෝකය සංස්කෘතික මානවයා විසින් නැවත හැඩගස්වා ඇති කැඩපත් වන ප්‍රධාන කලා චලනයන්හි දෘශ්‍ය කාලරාමුවක් ලෙස සේවය කරයි. මෙහි තිබෙන අපව ඩැහැ ගැනීමට වෙර දරන කෘතීන් 19 වන සියවසේ අග භාගයේ සිට වර්තමානය දක්වා කාලානුක්‍රමිකව ගමන් කරන යුගතරණයකි.
වින්සන්ට් වැන් ගෝ වැනි සුවිසල් මිනිසා වේදනාබරිත මිනිස් රොඩු සහ පීඩිත බැවින් හුස්ම හිර කරන සමාජයේ නිදර්ශනය කරන ලද පශ්චාත්-උපස්ථිතිවාදයේ ප්‍රකාශන අපව ගිලගන්නා අවකාශයක ප්‍රදර්ශනය වෙයි. වර්ණය සහ හැඟීම් වලින් ආරම්භ වන කලාත්මක චින්තනයේ වේගවත් පරිණාමය සොයා යන වැන්ගොගේ නිර්මාණ ඉදිරිපිට පොරකන නිව්යෝර්ක් ප්‍රවර්ගයේ ජනතාව ඡායාරූපයට නතු කරගන්නේ අනෙකා පරයා වැන්ගෝ නිර්මාණ පරිභෝජනයටය.
සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණය බෙදී නැවත අර්ථ දැක්වූ ඝනිකවාදය සහ යටි සිත සහ සිහින තර්කනය ගවේෂණය කළ අධිතාත්විකවාදය වැනි බිම් මට්ටමේ චලනයන් සමඟ එකතුව ඉක්මනින් විසිවන සියවසේ මුල් භාගයට ගමන් කරයි. පසුව, ජැක්සන් පොලොක්ලාගේ ඇමරිකානු ස්වදේශීය නූතන කලා ව්‍යාපාරය වන වියුක්ත ප්‍රකාශනවාදයට සහාය වීමට MoMA උපකාරී වී ඇති අතර එය අභින ක්‍රියාව සහ නියෝජනය නොකරන සිතුවම් අවධාරණය කළේය. 1960 ගණන් වන විට, කෞතුකාගාරය පොප් කලාව (Pop Art) වැළඳ ගනිමින් සිටි අතර, එය ඇන්ඩි වෝර්හෝල් වැනි පුද්ගලයින්ගේ කෘති හරහා එදිනෙදා පාරිභෝගික සංස්කෘතිය ඉහළ කලාවක් බවට පත් කළේය.

මෙහි වැඩිපුරම නරඹනු ලබන කලා කෘති අතර වින්සන්ට් වැන් ගෝගේ තරු පිරි රැය The Starry Night (1889), පැබ්ලෝ පිකාසෝගේ අවිග්නොන් හි යුවතියෝ (Les Demoiselles d’Avignon) (1907) වන අතර එය ඝනිකවාදී කලා ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වූ රැඩිකල් සිතුවමකි. එහි රළු, ඛණ්ඩනය වූ කාන්තා රූප, අප්‍රිකානු නීග්‍රෝ වෙස් මුහුණු සහිත මූණු සෘජුවම අප දෙස බලා තාමත් අසන්නේ අපගේ පරිභෝජන ජීවිතයේ අර්ථය, රහස ඔවුන්ටද වටහා දෙන ලෙසයි. එම සිතුවම් එවකට සම්භාව්‍ය පරමාදර්ශ බිඳ දැමූ අතර මිනිස් ජිවිතයේ බහුමානයන් නිරූපණය කිරීමට යත්න දරමින් නැවත නැවත අර්ථ දැක්වීම කාර්යය කර ගෙන ඇති පැවසිය හැකිය. එසේම ගොගෑන් නිදි වැදි තහිටි ගැහැණු සමග සමූහ ඡායාරූපයක් ගැනීමටද මෙහිදී හිතින් නිදිවදිනවුන් අමතක නොකරයි.
මතු සම්බන්ධයි.

