2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී ජිග්‍රා (Jigra) චිත්‍රපටය වෙනුවෙන් ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඇය සම්මාන උළෙලට සහභාගී නොවූයේ මන්දැයි බොහෝ අන්තර්ජාල පරිශීලකයින් ප්‍රශ්න කළ අතර, කරන් ජොහාර් ඇය වෙනුවෙන් සම්මානය ලබා ගෙන ඇත.
Filmfare Awards 2025 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘Laapataa Ladies’ සිනමා පටය සම්මානයට පාත්‍ර වූ අතර එය අධ්‍යක්ෂණය කළ කිරන් රාඕ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මානය හිමිකර ගත්තා.

70 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල සෙනසුරාදා අහමදාබාද්හි කන්කරියා ලේක් හි EKA Arena හිදී පැවැත්විණි. එය ෂාරුක් ඛාන්, කරන් ජොහාර් සහ මනීෂ් පෝල් විසින් මෙහෙයවන ලදී. මෙම අවස්ථාවට ෂාරුක් ඛාන්, ක්‍රිති සනොන්, එස්, සහ කාජල් ඇතුළු පිරිසකගේ රංගනයන් ඇතුළත් විය.
Laapataa Ladies චිත්‍රපටයේ විශේෂත්වය නම් එය හොඳම චිත්‍රපට සම්මානය දිනා ගත් අතර, සම්මාන 13 ක් ලබා ගනිමින් ගලි බෝයි චිත්‍රපටය විසින් මීට පෙර තබා තිබූ වාර්තාවට සම කළේය. ‘I Want To Talk’ සිනමා පටයේ රංගනය වෙනුවෙන් අභිෂේක් බච්චන් සහ ‘Chandu Champion’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් හොඳම නළුවාට හිමි සම සම්මානයෙන් පිදුම් ලැබුවා.
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි වීමෙන් පසු ආලියා භාට් ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර, ඇගේ මෙම චිත්‍රපටය සඳහා වූ පිළිගැනීම සැබවින්ම සුවිශේෂී යැයි ඇය පවසා තිබේ. හැඟීම්බර සටහනක් තබමින් ඇය මෙසේ ලියා ඇත, “මෙය සැමවිටම මගේ හදවතට සමීපව පවතිනු ඇත… අපි පැවසූ කතාවට පමණක් නොව, එයට ජීවය දුන් ඇදහිය නොහැකි පුද්ගලයින්ට.”
අධ්‍යක්ෂ වාසන් බාලාගේ දැක්ම වෙනුවෙන් ඇය ස්තූති කර ඇති අතර, ඇය ඇගේ සම නළුවන් වන වෙදං රයිනා, විවේක් ගොම්බර්, මනෝජ් පහ්වා, රාහුල් ආර්, යුව්ව්රාජ් විජ්ජන් සහ ධීර් හිරා “ඔබ සෑම රාමුවකටම ගෙන ආ අවංකකම” වෙනුවෙන් ස්තූති කළාය. ගෞරවය වෙනුවෙන් ආලියා විසින් ෆිල්ම් ෆෙයාර් එකට සහ “මෙම චිත්‍රපටයේ තමන්ගේම කොටසක් සොයා ගත්” රසිකයින්ට කෘතඥතාව පළ කළාය.

2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ ප්‍රකාශයට පත් කළ සම්මාන
Best Actor in Leading Role Male – Abhishek Bachchan (I Want To Talk) and Kartik Aaryan (Chandu Champion)
Best Actor in Leading Role Female – Alia Bhatt (Jigra)
Critics’ Award for Best Actor Male – Rajkummar Rao (Srikanth)
Critics’ Award for Best Actor Female – Pratibha Rannta (Laapataa Ladies)
Best Supporting Actor Female – Chhaya Kadam (Laapataa Ladies)
Best Supporting Actor Male – Ravi Kishan (Laapataa Ladies)
Critics’ Award for Best Film – Shoojit Sircar (I Want To Talk)
Best Debut Actor Female – Nitanshi Goel (Laapataa Ladies)
Best Debut Actor Male – Lakshya (Kill)
Best Debut Director – Kunal Kemmu (Madgaon Express), Aditya Suhas Jambhale (Article 370)
Best Action – Seayoung Oh and Parvez Shaikh (Kill)
Best Screenplay – Sneha Desai (Laapataa Ladies)
Best Story – Aditya Dhar and Monal Thakkar (Article 370)
Best Dialogue – Sneha Desai (Laapataa Ladies)
Best Music Album – Ram Sampath (Laapataa Ladies)
Best Lyrics – Prashant Pandey (Laapataa Ladies)
Best Playback Singer Male – Arijit Singh (Laapataa Ladies)
Best Playback Singer Female – Madhubanti Bagchi (Stree 2)
Best Adapted Screenplay – Ritesh Shah and Tushar Sheetal Jain (I Want To Talk)
Best Film – Laapataa Ladies
Best Director – Kiran Rao (Laapataa Ladies)
Best Sound Design – Subash Sahoo (Kill)
Best Background Score – Ram Sampath (Laapataa Ladies)
Best VFX – Redefine (Munjya)
Best Choreography – Bosco-Caesar (Tauba Tauba from Bad Newz)
Best Editing – Shivkumar V. Panicker (Kill)
Best Costume – Darshan Jalan (Laapataa Ladies)
Best Production Design – Mayur Sharma (Kill)
Best Cinematography – Rafey Mehmood (Kill)
විශේෂ සම්මාන
Lifetime Achievement Award – Zeenat Aman and Shyam Benegal (posthumously)
RD Burman Award for Upcoming Talent in Music – Achint Thakkar (Jigra, Mr & Mrs Mahi)
