ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමක් වන Hurun India Rich List 2025 ට අනුව බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත්ව ඇති අතර, ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.4 ක් වන බව වාර්තා වේ. ඔහු ලොව ධනවත්ම විනෝදාස්වාදකයා (Entertainer) බවට පත්ව ඇති බව M3M Hurun India Rich List 2025 ට අනුව වාර්තා වේ.
මෙම ලැයිස්තුවට අනුව ටේලර් ස්විෆ්ට් (ඩොලර් බිලියන 1.3), ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් (ඩොලර් බිලියන 1.2), ජෙරී සයින්ෆෙල්ඩ් (ඩොලර් බිලියන 1.2) සහ සෙලීනා ගෝමස් (ඩොලර් මිලියන 720) වැනි ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින්ට වඩා ශාරුක් ඛාන් ඉදිරියට පැමිණ තිබේ.
ඛාන්ගේ ධනය සැලකීමේදී ඔහුගේ චිත්‍රපට වලින් ඉපැයූ ධනය සේම 2002 දී ඔහු ආරම්භ කළ නිෂ්පාදන සමාගම වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් මගින් ද සැලකිය යුතු ආදායමක් උපයා ඇති බව වාර්තා වේ. මීට අමතරව රෙඩ් චිලීස් චෙන්නායි එක්ස්ප්‍රස්, රායිස් සහ පතාන් වැනි බ්ලොක්බස්ටර් චිත්‍රපට නිපදවා තිබේ.
ඛාන්ගේ ප්‍රකෝටිපති තත්ත්වය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ නයිට් රයිඩර් ස්පෝර්ට්ස් (ඔහුගේ IPL ක්‍රිකට් සමාජය) හි ඔහුගේ කොටස් මගින් බව Hurun India නිර්මාතෘ සහ ප්‍රධාන පර්යේෂක අනාස් රහ්මාන් විදෙස් මාධ්‍ය වෙත බවසා තිබේ.
ශාරුක් ඛාන් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වඩාත්ම ලාභදායී ෆ්‍රැන්චයිස් එකක් වන කොල්කටා නයිට් රයිඩර්ස් හි සම හිමිකරු ද වන අතර එය අනුග්‍රාහකත්වයන් සහ ලීග් ඉපැයීම් හරහා ප්‍රධාන ආදායම් උපයයි.
එසේම ඔහුගේ දේපළ වෙළඳාම් ද ඔහුගේ ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර ඔහුගේ මුම්බායි නිවස වන මන්නාට්, බෙවර්ලි හිල්ස් විලා එකක්, අලිබාග් හි ගොවිපලක් සහ ලන්ඩන් සහ ඩුබායි හි සුඛෝපභෝගී දේපළ ද මීට ඇතුළත් වේ. දේපළවලට අමතරව, ශාරුක් හට සුපිරි මෝටර් රථ, ජීවන රටා ආයෝජන සහ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපෘති සඳහා සේවා සපයන රෙඩ් චිලීස් හි VFX සහ post production arms වලින් ලැබෙන ආදායම් මාර්ග ද ඇතුළත් වේ.
සමස්තයක් වශයෙන්, මෙම සමස්ත ව්‍යාපාර වල ඇස්තමේන්තු ගත වටිනාකම රුපියල් කෝටි 12,490 (ඩොලර් බිලියන 1.4) ක් වන අතර එය ගෝලීය විනෝදාස්වාද අධිපතියෙකු ලෙස ඛාන්ගේ ස්ථානය තහවුරු කරයි.
ඛාන්ගේ බිලියනපති ලැයිස්තුවට ඇතුළත් වීම ඉන්දියාවේ ආර්ථික වර්ධන ධාවකයන්ගේ වෙනස්වන ස්වභාවය පිළිබිඹු කරන බව Hurun India නිර්මාතෘ ජුනයිඩ් මහතා පවසයි.
ඉන්දියානු ආර්ථිකය පරිණත වී ධනය නිර්මාණය කිරීමේ ඊළඟ අදියර කරා ගමන් කරන විට, නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ සහ බැංකුකරණය වැනි සාම්ප්‍රදායික අංශවලින් ඔබ්බට නව වටිනාකම් මධ්‍යස්ථාන මතුවන බව අපට පෙනේ.
ක්‍රීඩා, විනෝදාස්වාදය සහ බුද්ධිමය දේපළ මත පදනම් වූ ව්‍යාපාර දැන් “ඉන්දියාවේ ධනය නිර්මාණය කිරීමේ බරපතල එන්ජින්” බව ඔහු වැඩිදුරටත් පැවසීය.
