බූසාන් රතු පලස හැඩ කළ විමුක්තිගේ Spying Stars

සුප්‍රසිද්ධ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළ ( Busan International Film Festival ) නියෝජනය කරමින් එහි තරඟකාරී (Competition) අංශය වෙත තේරී පත් වුණු සම්මානනීය අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ Spying Stars චිත්‍රපට කණ්ඩායම එම උලෙළේ රතු පලස මතින් ඇවිද යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලය මුදා හැර තිබුණා‍.

එහි දී අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගල, ඉන්දීය නිළි ඉන්දිරා තිවාරි හා ජනප්‍රිය ශ්‍රී ලාංකේය නිළි සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා එක් වී සිටිනු දැකගත හැකි වුණා.

සිය ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වන “සුළඟ එනු පිණිස” හරහා එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලක දී ලද ඉහළ ම ත්‍යාගය වන “කැමරා දෝ’ඕර්” සම්මානය 2005 වසරේ දී හිමිකරගත් විමුක්ති ඉන් අනතුරුව අහසින් වැටෙයි, චත්‍රක් හා සුළඟ ගිනි අරන් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් අන්තර්ජාතික අවධානය දිනා ගනු ලැබුවා.

විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් ඔහුගේ නවතම නිර්මාණය වන මෙය ප්‍රංශ, ඉන්දියා හා ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් ලෙසයි සඳහන් වන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading