සූදානම් වෙන්න! Shani is back in CID! ශානි නැවතත් සීඅයිඩී අධ්‍යක්ෂ වෙයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස නූතන ඉතිහාසයේ විශිෂ්ඨම සහ අදීනම රහස් පරීක්ෂකයා වන ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කළා.

මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබෙනවා.

මේ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

අම්පාවිල මහතාද අතිවිශිෂ්ඨ විමර්ශකයෙක් වන අතර මීට පෙර අම්පාවිල මහතා ශානි අබේසේකර මහතා යටතේ සේවය කර තිබීම විශේෂත්වයක්.

මේ වනවිට ඇතැම් කණ්ඩායම් ශානි අබේසේකර මහතාව විවේචනයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසීමට කටයුතු කරමින් සිටින පසුබිමක අබේසේකර මහතා නැවත රාජකාරි බාරගෙන තිබෙනවා.

Author

2 Comments

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading