රන් ආලේපිත තුවක්කුව පිළිබඳ නඩුවට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමන්ද දිසානායකව ජුලි 07 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබෙන අතර නඩුවේ තුන්වැනි සැකකරු වූ දුමින්ද දිසානායකගේ අරක්කැමියාව නඩුවෙන් නිදහස් කර තිබෙනවා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ජුනි 26 වැනිදා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එම නියෝගය නිකුත් කළා.
පළවැනි හා දෙවැනි සැකකාරියන් ප්‍රකාශ කර තිබුණේ, අරක්කැමියා විසින් ගිනිඅවිය ලබාදුන් බව. එහෙත් අරක්කැමියාට එරෙහි සාක්ෂ්‍ය නොමැති බැවින් අරක්කැමියාව නඩුවෙන් නිදහස් කර තිබෙනවා.
දුමින්ද සිල්වා අරක්කැමියා හරහා ගිනිඅවිය දුන් බව කියා තියෙනවා. දුමින්ද දිසානායක පිළිබඳ විමර්ශන අවසන් නොමැති බව කිය තිබෙනවා. තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත
පළමු හා දෙවැනි සැකකාරිය ගිනිඅවිය තබාගත් බවට සෑහීමට පත් විය හැකි සාක්ෂි තිබෙනවා. ගිනිඅවි ආඥා පනත අනුව ඇප ලබාදීමේ ගැටලුවක් පවතින බව මහේස්ත්‍රාත්රිය පෙන්වා දී තිබෙනවා. ඒ අනුව දුමින්ද සිල්වා සහ සැකකාරියන් රක්ෂිත ජුලි 07 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබෙනවා.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් හමු වුණා. ඒ සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි 23 දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පළමුවන සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාත්,දෙවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ තීක්ෂණ පතිරණ සහා 3 වන සැකකරු වෙනුවෙන් නීතිඥ චානක වීරසේකර,4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, වරුණ ජයසිංහ ඇතුළු නීතිඥ මඩුල්ල පෙනීසිටියා.
