ට්‍රම්ප් සටන් විරාමයක් ගැන බොරු කියයි!

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොරු කියා තිබෙනවා.

කිසිදු එකඟතාවක් නැතිව සටන් විරාමයක් ඔහු ඒකපාර්ශ්විකව නිවේදනය කරලා.

Truth Social නම් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවද ජනාධිපතිවරයා පළ කළ සටහන මගින් සදහන් වනවා.

එහෙත් ඉරාන විදේශ ඇමතිවරයා නිවේදනය කර ඇත්තේ එවැනි එකඟතාවක් නොමැති බ්ව.

සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය “දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඉරාන විදේශ ඇමති සයෙඩ් අබ්බාස් අරග්චි ට්‍රම්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. සටන් විරාමයකට එකඟතාවක් නැති නමුත් උදෑසන 4 වනවිට ඊ‍ශ්‍රායලට ප්‍රහාර නවත්වන්නේ නම් තමන්ද නවත්තන බව ඔහු එක්ස් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළා.

“ඉරානය යළි යළිත් පැහැදිලිව කියා ඇති පරිදි ඊශ්‍රායලය ඉරානයට යුධ ප්‍රකාශ කළා. එහි අනෙක් පැත්ත නොවෙයි සිදුවුණේ.

දැනට කිසිදු සටන් විරාමයකට හෝ මිලිටරි මෙහෙයුම් නැවැත්වීමට එකඟතා ගිවිසුමක් නැහැ. එහෙත් ඊශ්‍රායල රජය ටෙහෙරාන් වෙලාවෙන් උදෑසන 4 වනවිට ප්‍රහාර නවත්වන්නේ නම් එයින් පසු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් අපට නැහැ.

අපගේ මිලිටරි මෙහෙයුම් නැවැත්වීම ගැන අවසන් තීන්දුව පසුව ගනු ඇති.”

යනුවෙන් එහි සඳහන් වුණා.

මෙය ලැජ්ජාව වසාගැනීම සඳහා ඇමෙරිකානු ජනාධිපති විසින් ගනු ලැබූ පියවරක් බව පෙනී යනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading