ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ නාරාහේන්පිට – පෞද්ගලික රෝහලක් අසල පිහිටි දාබරේ මාවතේදීයි.
නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම වෙඩි තැබීමෙන් ඔහුගේ මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුව ඇති අතර එම අවස්ථාවේ එහි සිටි නීතිඥ දිනේෂ් දොඩංගොඩ ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි තැබීමෙන් පසුව, තුසිත හල්ලොලුව මහතාට අහර දී ඔහු සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙක් පැහැරගෙන ගොස් ඇති බවටද වාර්තා වනවා.
අදාළ වෙඩිතැබීම හා පහරදීම් සිදු වී සුලු මොහොතකින් එම ස්ථානයට නාරාහේම්පිට පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර ඔවුන් විසින් පහරකෑමට ලක්ව සිටි තුසිත හල්ලොලුවට රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
ජනාධිපති අනුර දිසානායකට අපහාසාතාත්මක ප්‍රකාශයක් සිදුකළා යැයි කියන තුසිත හල්ලොලුවට විරුද්ධව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙමින් තිබෙනවා.
