
ඊශ්‍රායලය- පලස්තීනය වෙත පහරදීමට හේතු වූ වත්මන් ගැටුම 11 වැනි දිනටත් දැන් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එම යුද්ධයේ තත්වය ගැන කෙටි හැරී බැලීමක් මෙසේයි.
මේ වෙද්දී ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් ඝාතනයට ලක් වී සිටී. පලස්තීනු වැසියන් ගාසා තීරයේ 3000කට වැඩි පිරිසක් සහ බටහිර ඉවුරේ 57කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත.
පලස්තීනයේ ඝාතනයට වූවන්ගෙන් තුනෙන් එකක් පමණ දරුවන්ය.
තුවාල ලැබූවන් අතර ඊශ්‍රායල් වැසියන් 3,500ක් සිටින අතර, පලස්තීනුවන් 12,500කට වැඩි පිරිසක් ගාසා තීරයේ සහ 1200ක් පමණ බටහිර ඉවුරේ සිටී.
රෆාත් සීමාවෙහි අත්‍යවශ්‍ය ජලය, ආහාර, ඖෂධ ඇතුළු මානුෂික ආධාර ගාසා තීරයේ දකුණේ පිහිටි ඊජිප්තුවට මායිම් වූ රෆාහ් හුවමාරුවට ගෙනැවිත් ඇත. එහෙත් ඊශ්‍රායලය ඒවා ලබා දීම අවහිර කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා තීරයේ මේ වන විට මිලියනයකට වැඩි පිරිසක් අවතැන් වී සිටී. ආහාර නොමැතිකමින්, ජලය නොමැතිකමින්, ඉන්ධන නොමැතිකමින් සහ බලශක්තිය නොමැතිකමින් ඔවුන් පීඩා විඳී.
ඊශ්‍රාලය ගාසා තීරයට දිගටම බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටී. ටාල් අල් හවාහි පිහිටි සිවිල් මූලස්ථානයක් සහ, ගාසා සිටිහි නිවාස ගණනාවක්, රෆාහ් සහ නුසෙරත්හි අවතැන් කඳවුරු ප්‍රහාරවලට ලක් වී තිබේ.
භූමියේ ආක්‍රමණික යුද්ධයක් සඳහා ඊශ්‍රායල් හමුදා ගාසා තීරය අවට එක්රැස් වෙමින් සිටී.
පලස්තීන ගාසා තීරයේ දකුණේ තිබෙන, රෆාහ් සීමාවෙන් ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් විදෙස් වැසියන් සිය ගණනක් රැඳී සිටී. ඊජිප්තුව කියා ඇත්තේ එම දේශසීමාව විවර කිරීමට ඊශ්‍රායලය ඉඩ ලබා නොදෙන බවය. කෙසේ වෙතත් ඇමෙරිකාව සඳහන් කර ඇත්තේ ඕනෑම ජාත්‍යන්තර යුද්ධයකදී යුධ නීතිය අනුව ජනතාව වෙත ලබා දිය යුතු මේ සැපයුම්- ලබා නොදීම පිළිබඳ සොයා බලන බවය. එය සිදු කරන්නේ කෙසේදැයි අපැහැදිලිය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කියා තිබුණේ ඊශ්‍රායලය එම සැපයුම් ඇතුළු කිරීමට ඉඩ දුන්නත්- හමාස් සංවිධානය ඒවාට පහසුකම් ලබා නොදෙනු ඇති බවයි. එහෙත්, එසේ කියමින් ඊශ්‍රායලය සැපයුම් අවහිර කිරීම තර්කානුකූල නොවේ.
මේ වන විට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය ඇතුළුව, එම කලාපයේ සංචාරයක යෙදී සිටී.
ඊශ්‍රායල් හමුදා මාධ්‍යවේදීන් දෙදෙනෙක් ඇතුළත්ව 70 දෙනෙක්ව ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ ප්‍රදේශවල එක් රැයකින් සිදු කළ කඩා වැදීමේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටී.
මාධ්‍ය වේදීන් තිදෙනෙකු අතුරුදන්ය, මාධ්‍ය ආයතන 50ක් විනාශ කර ඇත, මාද්‍ය වේදීන් 50 දෙනෙකුට පමණ පහර එල්ල කර ඇත.
ජනතාවට ආරක්ෂාව සඳහා ගමන් කරන ලෙස දැනුම් දුන් ඛාන් යුනුස්, රෆාහ් සහ ඩෙයිර් එල් බලාහ් ප්‍රදේශවලට කඩා වදිමින් සිදු කළ වැටලීම්වලදී 71 දෙනෙකුට වඩා ඝාතනය කර ඇත.
ඊශ්‍රායල් රජය ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් ඉවත් වී දකුණු ප්‍රදේශයට යෑමට ලබා දී ඇති කාලය දීර්ඝ කර ඇත. දස දහස් ගණන් වැසියන් ගාසා තීරයේ සිට දකුණට ගමන් කර ඇති බව වාර්තා වේ.
ගාසා තීරය 2007 සිට ඊශ්‍රායලයේ සාගර, ගුවන් සහ භූමියේ සීමා වලින් වට කර ඇතුළුවීමට සහ පිටවීමට නොදී වසා දැමූ භූමියක් ලෙස පවතී. එය ලොව විශාලම එළිමහන් සිර කඳවුර ලෙස හඳුන්වයි. මිලියන 2.3කට වැඩි පිරිසක් ගාසා තීරයට පොදි වී සිටින අතර, බොහෝ අය පලස්තීනයේ වෙනත් ප්‍රදේශවල සිට අවතැන්ව එම ප්‍ර දේශයට පැමිණ පදිංචිවුවන්ය. ගාසා තීරය උතුරු ගාසා, ගාසා සිටි, ඩෙයිර් එල්- බාලාහ්, ඛාන් යුනිස් සහ රෆාහ් යන ප්‍රදේශ පහෙන් සමන්විත වේ.

වත්මන් ගැටුම සැකෙවින් මෙහෙමයි. ඔක්තෝබර් 7 වැනිදා උදෑසන 6.30ට පමණ හමාස් දැවැන්ත රොකට් ප්‍රහාර මාලාවක් දකුණු ඊශ්‍රායට එල්ල කරන්නට පටන් ගත්තේය. ඊශ්‍රායලය පුරා සයිරන් නාද වන්නට පටන් ගත්තේය.
හමාස් සංවිධානය එල්ල කළ එම ප්‍රහාරය 5000කට වැඩි රොකට් ප්‍රහාර ප්‍රමාණයකින් ආරම්භ වූ බව ඒ පැත්තෙන් කියයි. ඊශ්‍රායල කියන්නේ රොකට ප්‍රහාර 2500ක් එල්ල වූ බවය.
ඉන් පැයකට පමණ පසු සටන්කාමීන් ඊශ්‍රායල් දේශසීමාවට කඩා වැදුණි. ගුවනේ, මුහුදේ සහ ගොඩබිම ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට එල්ල වූ අතර සිවිල් වැසියන්ද ඉලක්ක කරනු ලැබීය. ගාසා දේශසීමාවේ ඇතැම් තැන්වලින් කඩාවැදුණු පිරිස් හමුදා කඳවුරු පමණක් නොව, සංගීත සංදර්ශනවලට පවා එල්ල කළ ප්‍රහාරවලදී ඝාතනය කිරීම් සිදු වූ අතර, පුද්ගලයන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යන ලදී.
මෙම ප්‍රහාරවලට පසුතලය වන්නේ පලස්තීනුවන්ගේ පූජනීය ස්ථානයක් වන අල් අක්සා පුදබිමට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය මෙන්ම පසුගිය කාලසීමාව පුරාවට වරින් වර පලස්තීනුවන් ඝාතනය කරමින් ඊශ්‍රායලය ගෙන ගිය ක්‍රියා කලාපය නිසාය.
එදිනම 9.45ට පමණ ගාසා තීරයෙන් පිපුරුම් ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය. 10ට පමණ ඊශ්‍රායල් මිලිටරි ප්‍රකාශකයන් කීවේ, ගාසා තීරයට ගුවන් හමුදා ප්‍රහාර එල්ල කරන බවය.
ඔක්තෝබර් 8 ඉරිදා දිනයේත් හමාස් කණ්ඩායම් ඊශ්‍රායලය සමග භූමියේ සටන්වල යෙදුණි. ඊශ්‍රායල් හමුදා භූමියේ සටන් වදින අතරම, ගාසා තීරයේ නගර දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය.
ගාසා සිටි, රෆාහ් සහ ඛාන් යුනිස් නගරවල ගොඩනැගිලි බිමට සමතලා කරන බෝම්බ ප්‍රහාර ඊශ්‍රායලය එල්ල කළේය.
ඔක්තෝබර් 9 සහ 10 දෙදිනවලදී සිදු වූ ප්‍රධාන සිදුවීමක් වනුයේ ගාසා තීරයේ සැපයුම් පවා සම්පූර්ණයෙන් සීමා කරමින් පූර්ණ වශයෙන්ම අවහිර කිරීමකට ලක් කිරීමය. ඒ අනුව ආහාර, ජලය පවා නතර කරන ලදී. ඊට අමතරව ලක්ෂයකට වැඩි ඊශ්‍රායල් හමුදා දේශ සීමාවල රඳවන ලදී.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම් ඒ වන විටත් සිදු විය. 10 වැනිදා වන විට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වැඩි විය. ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර දේශසීමාව වන රෆාත් හුවමාරුවට වැඩි වශයෙන් ප්‍රහාර එල්ල කරන ලදී.
ඔක්තෝබර් 11 වැනිදා පලස්තීනයේ ප්‍රවෘත්ති සේවයක් වන වෆා ප්‍රකාශ කළේ ඊශ්‍රායල් හමුදා විසින් ‘සුදු ෆොස්ෆරස්‘ රසායනය සහිත ආයුධ යොදා ගන්නා බවය. එයට අදාල වීඩියෝ පට පරීක්ෂා කොට හියුමන් රයිට්ස් වොච් ඇතුළු සංවිධාන එම අවි ආයුධවල පාවිච්චිය ගැන කරුණු තහවුරු කරන ලදී. මිනිස් සම පුච්චා දැමීමේ බිහිසුණු හැකියාව එයට ඇති අතර, සිරුර අභ්‍යන්තරයේ ඇති මාංශ පේශි දිය කරන හරින්නට මෙම බිහිසුණු රසායන අවියට හැකියාව ඇත. මේවා පාවිච්චිය යුධ අපරාධයකි.
එදින ගාසා තීරයේ තිබුණු එකම බලශක්ති ජනකයේ ඉන්ධන අවසන් විය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා දුර්වල විය. රෝහල් පවා අනතුරේ වැටෙන ලදී. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාලයටද බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ අය පවා ඝාතනය කිරීමට ලක් විය.
ඔක්තෝබර් 12-13 ප්‍රහාරවලට ලක් වූ ස්ථාන අතර අවතැන් කඳවුරුද විය. ඔක්තෝබර් 13 සිකුරාදා උදෑසන ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරේ පදිංචිව සිටි පුද්ගලයන් මිලියන 1.1කට වැඩි සංඛ්‍යාවකට පැය 24ක් ඇතුළත දකුණු ප්‍රදේශය දක්වා පිටත් වන ලෙස නියෝග කළේය. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව බොහෝ අය පැහැදිලිව පෙන්වා දෙන ලදී.
රොයිටර්ස් කැමරා මාධ්‍යවේදී ඉසාම් අබ්ඩල්ලාහ් ඝාතනයට ලක් කළේය. රොයිටර්ස්, අල් ජසීරා සහ ඒඑෆ්පී ආයතනවල තවත් මාධ්‍යවේදීන් හය දෙනෙකු තුවාල ලැබීය.
ඒ සියල්ල අතරතුර, එතෙක් ගෙවුණු සතිය තුළ ඊශ්‍රායලය තමන් යටතේ පවත්වාගෙන යන බටහිර ඉවුරේ පලස්තීන ජාතිකයන් 55කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. 1,100ක් තුවාල ලැබීය.
ඔක්තෝබර් 14-15 දිනවල සිදු වූ එක් ප්‍රධාන සිදුවීමක් වන්නේ, ගාසා තීරයේ උතුරේ සිටි පලස්තීනුවන්ට ආරක්ෂිත මාර්ග ලෙස දකුණු ප්‍රදේශයට ගමන් කරන ප්‍රධාන මාර්ග දෙකක් වෙන් කර දෙන බවය. කෙසේ වෙතත් දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරවලදී එලෙස වෙන් කර දුන් මාර්ගද ඇතුළත් විය.

Srilankan security forces did worse things to innocent Tamil people using their legitimacy to fight LTTE. They bombed churches temples children homes hospitals and killed many hundred in the thirty years of war then more than three thousands were arrested and killed and made to disappear. Where were you at that time.