පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2019 දී තංගල්ලේ පැවැත්වූ විවාහ උත්සවයේ ලක්ෂ 26ක විදුලි බිල සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගෙවා ඇති බව වාර්තා විය.
මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා ඇත්තේ තමන්ගේ නමට හිඟ විදුලි බිලක් නොතිබුණු බවත්, 2019 දී පැවති විවාහයට අදාල බිලක් සනත් නිශාන්ත ගෙවා ඇති බවත්ය.
එනම්, ඔහු සිතා ඇත්තේ ඔහු කසාද බඳිනකොට බිලක් නිකුත් නොකොට නිකම්ම විදුලිය ලබා දීමට මේ රටේ බදු ගෙවන ජනතාව බැඳී සිටින බවයි. එය නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන්ගේ පරාධීන මානසිකත්වය මනාව තහවුරු කරන්නකි.
අනෙක් පැත්තට සනත් නිශාන්ත විසින් නාමල් රාජපක්ෂගේ හිත දිනාගනු පිණිස බිල ගෙව්වත්, තමන්ගේ නමට බිලක් නැතැයි කයිවාරු ගසමින් සිටි නාමල් රාජපක්ෂට එය ලැජ්ජාවක් ලෙස දැනෙන්නට ඇත.

නාමල්ගේ රෙද්ද ගැලවූ සත්තලං පුතා 😀
පුත්තලං සතා?