
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ අතර, ඕනෑම පුරවැසියෙකුට එම පනතට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව දැන් විවෘත වේ.
ආරංචිමාර්ග අනුව මෙම පනතට එරෙහිව නඩු 10කට වැඩි සංඛ්‍යාවක් ගොනු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවේ නැගී සිටිමින් විපක්ෂය මෙම පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නැගී සිටි කියා තිබුණි. මෙම පනත පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් පවතින බවත්, ජාත්‍යන්තර වශයෙන් අපි විත්ති කූඩුවෙන් එල්ලුම් ගස් යන බවත් ඔහු එහිදී කියා තිබේ. සන්නිවේදන විෂ්‍ය මාධ්‍යවලට අයිති බවත්, පොලිසිය භාර අමාත්‍යවරයාට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ගැන එහිදී ප්‍රශ්න කර තිබේ.
මේ පනත මුලින්ම මේකට ක්‍රියා කරලා තිබුණේ 2016 දී නීති කොමිෂන් සභා දෙපාර්තමෙන්තුව හිටපු ආණ්ඩුව සමයේ බවත්, එම කෙටුම්පත වෙනස්කම් සහිතව තම අමාත්‍යාංශයට භාර දුන් බවත්, ටිරාන් අලස් පැවසීය.
කෙසේ වෙතත්, ටිරාන් අලස් එම කියා ඇති කරුණ අසත්‍ය කරුණක් බව අප කළ සොයා බැලීමකදී පෙනී ගියේය. 2016 නීති කොමිෂන් සභා දෙපාර්තිමේන්තුවේ වාර්ෂික වාර්තාව අප විසින් පරීක්ෂා නරක ලද අතර, එහි ටිරාන් අලස් කියූ අන්දමේ පනත් කෙටුම්පතක් සකස් කිරීම ගැන කිසිදු සඳහනක් නොමැත.
මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි වන්නේ සති දෙකක කාලයක් ඇතුළත බවත්, මෙම සති දෙක ආරම්භ වන්නේ අද සිට නොවන බවත් න්‍යායපත්‍රයට ඇතුළත් කළ දා පටන් බවත් මහාචාර්ය ජීඑල් පීරිස් කීය. එම පනත න්‍යායපත්‍රයට ඇතුළත් කළ දා සිට නිවාඩු දින 4ක් තිබුණු බවත් මහාචාර්යවරයා කීය. සාමාන්‍ය යෙන් පනතක් න්‍යායපත්‍රයට ඇතුළත් කරන්නේ සිකුරාදා දවසක බවත්, එනම් 29 වැනිදා ඇතුළත් කළ හැකිව තිබුණු බවත්, ඒ වෙනුවට 27 වැනිදාට යොදා ගෙන තිබෙන බවත් ඔහු කිය. එම නිසා අධිකරණයට යෑමට ඇති සති දෙකක කාලය සතියක් දක්වා අඩු වී තිබෙන බවත් ඔහු කීය.
කෙසේ වෙතත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කීවේ අද දින සිට දින 14ක කාලයක් පනතට අභියෝග කිරීමට ඇති බවයි.
එහිදී නැවත ජී.එල්. පීරිස් මහාචාර්යවරයා විමසුවේ නියෝජ්‍ය කථානායකවරයා ඒ ප්‍රකාශය කළේ වගකීමකින් යුතුවද කියාය. එයට ප්‍රතිචාර ලෙස, ව්‍යවස්ථාවේ 121 වගන්තිය අනුව අද දින සිට 14ක කාලයක් පවතින බව ඔහු කීය. මේ පිළිබඳ විවාදයක් ඇති වූ නමුත්, එකඟතාවකට පැමිණීමට නොහැකි විය.