මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ නිරුවත අප විශේෂයෙන් හෙළිදරව් කරගන්නට දෙයක් නෑ. එය හුදෙක් සත්‍ය වෙනුවෙන් ඇති කරපු පනතක් නෙවෙයි. දේශපාලුවන්ගේ කැත වැඩ හෙළිදරව් වීම වැළැක්වීමට ගෙනා පනතක්.

පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති රැස්වීමකදී පොදුජන පෙරමුණේ දේශපාලනඥයෙකු වන එස්.එම්. චන්ද්‍රසේන මෙසේ පවසා තිබුණා.
‘සමාජ මාධ්‍ය ජාලාවලින් නිරන්තරයෙන්ම සංසරණය වන සමහර ප්‍රවෘත්ති ඉතා කණගාටුදායකයි.
මම ඉඩම් ඇමතිවරයා හිටපු කාලයේ තාඹුගල මහතාගේ ඇලෝවේරා වගාව සඳහා ඉඩම් අක්කර එක්ලක්ෂ දෙදාහක් දුන්නා කියලා සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තරයෙන් සංසරණය වුණා.
මට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළා. මම එක බිම් අඟලක් දීලා නැහැ. මම වගකීමෙන් කියන්නේ. ප්‍රවෘත්ති විකෘති කරලා මට මඩ ගැහීම් කරන්නේ. මේ සමාජ මාධ්‍ය යම්කිසි ආකාරයකින් පාලනය කරන්න සිදුවෙනවා.
මේ වගේ වැරදි ප්‍රවෘත්ති නැවැත්වීම සහ ඒ වගේම පුද්ගල චරිතවලට මඩ ගැහීම නැවැත්වීම සඳහා පිරිසිදු මාධ්‍යයක් ඇති කිරීමට නම් මේ වගේ අපිරිසිදු දේවල් ඉවත් කළ යුතුයි.‘
එහෙත් ඇත්තටම ඔහු මේ කියන කතාවයි අසත්‍ය කතාව. අවුරා ලංකා සමාගමට ඉඩම් වෙන් කර දීම සඳහා ඔහුගේත්, එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේත් අත්සනින් යුතු කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගත්තා. තාඹුගලට ඉඩම් දෙනවායැයි සමාජ මාධ්‍යවලින් කීවේ ඒ කැබිනට් පත්‍රිකාව ගැන තමයි. ඔහු කියන එක දෙයක් ඇත්ත. මේ කතාව එළියට දැම්මේත්, මේ මහා දූෂිත ගජමිතුරු ව්‍යාපාරික සහ දේශපාලු හවුල ගැනත් කතා කළේ ඔන්ලයින් මීඩියාවලින් තමයි.
ඇත්ත සහ බොරුව ගැන චන්ද්‍රසේනලා වගේ අයගේ විකෘති අදහස් රටේ නීතිය බවට හරවන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. බොරු කතා නොකියා, චන්ද්‍රසේනලා අමුවෙන්ම ඒක කීම හොඳයි. දැන් ජනතාවගෙන් අහන්නේ මේ වගේ තක්කඩීන් රකින පනතක් සම්මත කරගන්න ඉඩ දී අපි නිහඬව ඉන්නවාද කියලයි.
ඉතින් ඔයා ඔය තරම් අවංක අයෙක් නම් ඔයාට විරුද්ධව දෝශාරෝපණය කරන ජන බල වේගයට විරුද්ධව නඩුවක් දාන්නකෝ